― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalදේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය ජනතා හිතවාදී නෑ - නාමල්

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය ජනතා හිතවාදී නෑ – නාමල්

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය යෝජනාව ජනතාවාදී නොවීම නිසා එයට ඡන්දය පාවිච්චි කිරීමට පාර්ලිමේන්තුවට නොපැමිණි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතා පැවසීය.

රටේ ආර්ථිකය ගොඩනඟන්න අවශ්‍ය තීන්දු තීරණ ගතයුතු වුවද එම තීන්දු තීරණ ජනතාවාදී තීන්දු තීරණ බවට පත්විය යුතු යැයි පොදුජන පෙරමුණේ විශ්වාසය බව කී නාමල් රාජපක්‍ෂ මහතා මෙවැනි තීන්දු සම්බන්ධයෙන් ජනතාවට කරුණු පැහැදිළි කළ යුතු බව ද සඳහන් කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වු ඒ නාමල් රාජපක්ෂ,

“මේ රටේ ආර්ථිකය ගොඩනඟන්න අවශ්‍ය තීන්දු තීරණ ගන්න ඕනේ. ඒ ගන්න තීන්දු තීරණ ජනතාවාදී තීන්දු තීරණ බවට පරිවර්තනය කිරීම තමා ආදරණීය අම්මේ, තාත්තේ පොදුජන පෙරමුණේ වගකීම. ණය ප්‍රතිව්‍යුහගතකරණය කරාට කමක් නෑ. එය සාධාරණ විය යුතුයි. එක්තරා කණ්ඩායමකට ප්‍රතිව්‍යුහගතකරණය වෙන්නත් තවත් කණ්ඩායමකට එහෙම නොවෙන්නත් හේතු දක්වන්න ඕනේ. ඒ හේතුව පාර්ලිමේන්තුව නියෝජනය කරන අපිට කියලා වැඩක් නෑ. ඒක මේ රටට කියන්න.

මොකද අපි රටක් විදියට තීරණාත්මක තීන්දු තීරණ ගන්න කාලසීමාවක්. අපි දැක්කා ඊයේ සජිත් ප්‍රේමදාස මහත්තයාගේ කණ්ඩායම ඊයේ දවල් වෙනකල් මේකට සහයෝගය දෙනවා කියලා අන්තිමට විරුද්ධ වුණා. මම දන්නේ නෑ ඇයි කියලා. හැමදාම වගේ අවසාන මොහොතේ විරුද්ධ වුණා. ඒක ඒ අයගේ දේශපාලන චරිතේ. අපිට වගකීමක් තියෙනවා මේ රට ස්ථාවර කරන්න. අපිට වගකීමක් තියෙනවා මේ රට ශක්තිමත් කරන්න.