27.2 C
Colombo
Monday, November 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපාසල් සිසුවාට බැට දුන් පොලිස් සැරයන්වරියට ඇප

පාසල් සිසුවාට බැට දුන් පොලිස් සැරයන්වරියට ඇප

කඹුරුපිටිය ප්‍රදේශයේදී ඉකුත් 20 වන දින පාසල නිමවී නිවස බලා ගමන් කරමින් සිටි පාසල් සිසුවෙකු පැහැරගෙන ගොස් පහරදිමක් සිදුකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පොලිස් සැරයන්වරිය ඇප මත මුදාහැර තිබේ.

සැකකාරිය අත්අඩංගුවට ගෙන මාතර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැර තිබෙනවා.

පාසල් සිසුවකු සිය කාර් රථයට නංවාගෙන ගොස් තම දියණිය සමග ඇති ප්‍රේම සම්බන්ධය නතර කරන ලෙස පොලිස් නිලධාරිනියක් සමග පිරිසක් තර්ජනය කර පහරදීම හේතුවෙන් 15 හැවිරිදි සිසුවෙකු පසුගිය දා කඹුරුපිටිය මූලික රෝහලට ඇතුළත් කෙරුණි.

පහරදීම සම්බන්ධයෙන් චෝදනා ලැබ අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරිනිය කඹුරුපිටිය පොලීසියට අනුයුක්තව සේවය කළ පොලිස් සැරයන්වරියක් වන අතර ඒ අනුව ඇයව පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවාය.