28.9 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsබැංකු නිවාඩුව අස්සේ බැංකුවට සුද්දයක් දෙන්න හදලා

බැංකු නිවාඩුව අස්සේ බැංකුවට සුද්දයක් දෙන්න හදලා

කරන්දෙණිය රාජ්‍ය බැංකුවක් ඊයේ රාත්‍රී කොල්ල කා ඇතැයි කරන්දෙණිය පොලීසිය කියයි.

දෙදෙනෙකු විසින් බැංකු ශාඛාවේ ඉහළ මාලයේ ජනේලයක් බිද බැංකු ශාඛාවකට ඇතුලු වී ඇති බවත් අලවංගුවක් රැගෙන ගිය එක් අයෙක් එහි සේප්පුව බිදීමට උත්සහා කළ අවස්ථාවේදී එම බැංකු ශාඛාවේ ආරක්ෂිත සංඥාව ක්‍රියාත්මක වීමත් සමඟම සොරුන් පලා ගොස් ඇති බවත් පොලීසිය කියයි.

එම බැංකු ශාඛාවේ දොර ජනෙල්වල ආරක්ෂාවට දමා තිබූ ඉබ්බන් ද සොරුන් කඩා ඇති බව ද පොලීසිය කියයි.

බැංකු ශාඛාවකට ඇතුලු වූ සොරැන් සොරකම් කළ දෙයක් පිළිබදව තවම අනාවරණයවී නැති බව ද පොලීසිය කියයි.

කරන්දෙණිය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.