30 C
Colombo
Sunday, September 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමුතු රාජා රැගත් ගුවන් යානය තායිලන්තයට

මුතු රාජා රැගත් ගුවන් යානය තායිලන්තයට

කටුනායකින් ගමන් ඇරඹු ‘මුතු රාජා’ හස්තියා රැගත් ගුවන් යානය තායිලන්තයේ චියෑන් මායි ගුවන් තොටුපොළ වෙත මේ වනවිට ළඟා වී තිබෙනවා.

මෙරට වේලාවෙන් අද (02) දහවල් 12.33ට පමණ එම ගුවන් යානය තායිලන්තයට ළඟා වූ බවයි වාර්තා වන්නේ.

ඒ, පැය පහක පමණ ගුවන් ගමනකින් පසුවයි.

මෙම හස්තියා තායිලන්තය ලබා රැගෙන යාම සඳහා රුසියානු ඒවියාකොන් සිටොට්‍රාන්ස් ගුවන් සේවයේ ඒ.ඉසෙඩ්.එස්.- 5701 දරණ විශේෂ ගුවන් යානය කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

එම යානය හස්තියා ද රැගෙන අද (02) උදෑසන 07.30 පමණ මෙරටින් පිටත්ව ගියා.