30 C
Colombo
Sunday, September 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමුතු රාජා හස්තියා රැගත් යානය තායිලන්තය බලා පිටත්ව යයි

මුතු රාජා හස්තියා රැගත් යානය තායිලන්තය බලා පිටත්ව යයි

මුතු රාජා හස්තියා රැගත් රුසියානු ඉලුෂියන් – 76 ගුවන් යානය අද උදෑසන 07.30ට කටුනායක ගුවන් තොටුපොළෙන් තායිලන්තයේ බැංකොක් නුවර “ෂියන්මායි” ගුවන් තොටුපොළ බලා පිටත්ව ගොස් තිබෙනවා.

තායිලන්තය විසින් මීට වසර 22 කට පමණ පෙර ශ්‍රී ලංකාවට ලබා දුන් ” මුතු රාජා ” ” නොහොත් ” සක්සුරින් ” හස්තියා යළි ආපසු තායිලන්තය වෙත රැගෙන යාම සදහා කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන එනු ලැබුවේ අද අලුයම 3ට පමණයි.

අද අලුයම 12ට පමණ එම හස්තියා මෙතෙක් රඳවා සිටි දෙහිවල සත්වෝද්‍යානයෙන් රැගෙන පිටත්වූ විශේෂ රථය ඉතා සෙමින් හස්තියා අපහසුතාවට පත් නොවන ආකාරයට කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන ඒමට පියවර ගෙන තිබුණා.

අද අලුයම 04.30 පමණ වනවිට ඇතා ඇතුළත් විශේෂ කූඩුව තායිලන්තය වෙත රැගෙන යාමට නියමිත රුසියානු “ඉලුෂියන් – 76″ ගුවන් යානයට පැටවීම ආරම්භ කළ බවයි.