27.8 C
Colombo
Saturday, September 13, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමුදල් අමාත්‍යාංශයෙන් නිවේදනයක්

මුදල් අමාත්‍යාංශයෙන් නිවේදනයක්

මුදල් අමාත්‍යංශය පවසන්නේ, දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහන ඉදිරි දින දෙක තුළ ප්‍රසිද්ධියට පත්කරන බවයි.

හෙට (03) හෝ අනිද්දා (04) යන දෙදින තුළ අදාළ වැඩසටහන ජනතාව සඳහා එළිදැක්වීමට කටයුතු කරන බවයි, මුදල් අමාත්‍යංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා පැවසුවේ.

එමෙන්ම එම වැඩසටහන සේවක අර්ථ සාධක අරමුදල ඇතුළු පාර්ශවයන් වෙත ද ඉදිරිපත් කිරීමට නියමිතය.

ඊයේ (01) දිනය පුරා දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහන සම්බන්ධ යෝජනාව පිළිබඳ පාර්ලිමේන්තු විවාදය පැවැත්වු අතර ඊට අදාළ ඡන්ද විමසීමේ දි එය වැඩි ඡන්දයෙන් සම්මත වුණි.යෝජනාවට පක්ෂව ඡන්ද 122ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 62කි.

ඒ අනුව ස්වෛරීත්ව ණය තිරසරභාවය නැවත ඇති කිරීමට දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය ක්‍රියාත්මක කිරීම සඳහා වන යෝජනා සම්මතය වැඩි ඡන්දයෙන් සම්මත වු බවට පාර්ලිමේන්තු මහ ලේකම්වරිය විසින් ඊයේ දිනයේ ලිඛිතව මුදල් අමාත්‍යංශ ලේකම්වරයා වෙත දැනුම් දී තිබුණි.