― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsවතුර මෝටර් සොරකමේ පැමිණි අයෙක් ජීවිතයෙන් වන්දි ගෙවයි

වතුර මෝටර් සොරකමේ පැමිණි අයෙක් ජීවිතයෙන් වන්දි ගෙවයි

සූරියවැව වැවේගම ප්‍රදේශයේ වතුර මෝටර සොරකමේ පැමිණි පිරිසක් අතර අයෙක් ප්‍රදේශවාසීන්ගේ පහරකෑමට ලක්ව මියගොස් තිබෙනවා.

ඊයේ (01) රාත්‍රී සොරකමේ පැමිණි සැකකරුවෙකු ප්‍රදේශවාසීන් විසින් අල්ලාගෙන ඇති බවට ලැබුණු තොරතුරකට අනුව පොලිසිය එම ස්ථානයට ගොස් එම පුද්ගලයා පොලිස් භාරයට ගෙන තිබුණා.

ඔහුට ප්‍රදේශවාසීන් විසින් පහරදීමක් සිදු කර ඇති බවට නිරීක්ෂණය වීම හේතුවෙන් සැකකරු සූරියවැව රෝහලට ඇතුලත් කිරීමටයි පොලිසිය පියවර ගෙන ඇත්තේ.

එහිදී එම සැකකරු වැඩිදුර ප්‍රතිකාර සඳහා සූරියවැව රෝහල මගින් මාතර මහ රෝහලට රැගෙන යමින් සිටියදී මිය ගොස් ඇතැයි පොලිසිය ප්‍රකාශ කළා.

මියගිය සැකකරු වැවේගම ප්‍රදේශයේම පදිංචි 27 හැවිරිදි අයෙක්. පොලිසිය සිදු කළ වැඩිදුර විමර්ශනවලදී මෙම පුද්ගලයා සමග පැමිණි බවට සැක කෙරෙන තවත් පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.