27 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsහන්තානට ගිය සරසවි සිසු සිසුවියන් 42කට බඹර ප්‍රහාරයක්

හන්තානට ගිය සරසවි සිසු සිසුවියන් 42කට බඹර ප්‍රහාරයක්

හන්තාන කන්ද තරණය කිරීමට පැමිණි සරසවි සිසුන් පිරිසකට බඹර ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා.

ඊයේ (01) දහවල් ඔවුන් මෙලෙස හන්නාත වෙත යමින් සිටියදී බඹර කූඩුවක් ඇවිස්සී සිසු සිසුවියන්ට දෂ්ඨ කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

පොලිස් හදිසි ඇමතුම් අංශයට ලැබුණු තොරතුරකට අනුව මහනුවර පොලිසිය මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කරනු ලැබුවා.

එහිදී හෙළිවී ඇත්තේ බඹර දෂ්ඨණය හේතුවෙන් සිසුවියන් 15ක් සහ සිසුන් 27 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.

පොලිසිය යුද හමුදාව සහ ප්‍රදේශවාසීන් එක්ව සුවසැරිය ගිලන් රථ මගින් තුවාලකරුවන් මහනුවර රෝහලට ඇතුලත් කර තිබෙනවා.

මීපේ විශ්ව විද්‍යාලයේ සිසු සිසුවියන් 276ක් සහ ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සිසු සිසුවියන් 64 දෙනෙකු ඊයේ මෙලෙස හන්තාන තරණයට පැමිණ තිබෙනවා.

එහිදීයි ඉන් පිරිසක් මෙලෙස බඹර ප්‍රහාරයට ලක්ව ඇත්තේ.

තුවාලකරුවන් හැර අනෙක් සිසු සිසුවියන් ඔවුන් පැමිණි බස් රථවලින් පිටත්කර යවා ඇති අතර සිද්ධිය පිළිබඳ මහනුවර පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.