― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsඋපාධිය හැදෑරීමට පොළී රහිත ණය හෙට සිට

උපාධිය හැදෑරීමට පොළී රහිත ණය හෙට සිට

උසස් පෙළ විභගය සමතුන්ට පෞද්ගලික විශ්වවිද්‍යාලවල උසස් අධ්‍යාපනය හැදෑරීම සඳහා පොළී රහිත ණය ලබාදීමේ ව්‍යාපෘතිය සඳහා මේ මස 04 වනදා සිට අගෝස්තු මස 07 වනදා දක්වා අයදුම් කළ හැකි බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ 2019, 2020 සහ 2021 යන වර්ෂවල උසස්පෙළට පෙනී සිටි සිසුන්ට මේ සඳහා අයදුම් කිරීමට හැකියාව පවතින බවයි.

ඒ අනුව අයදුම්කරුවන් 5000ක් සඳහා මෙම පොළී රහිත ණය ලබාදෙන බවත් මෙම ණය මුදල් සඳහා වන සම්පූර්ණ පොළී මුදල රජය විසින් ගෙවනු ලබන බවත් රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය.

රැකියා අභිමුඛ පාඨමාලා හැදෑරීමට අපේක්ෂා කරන සිසුන් වෙනුවෙන් මෙහිදී ප්‍රමුඛතාවක් ලබාදෙන අතර මෙම අයදුම් කිරීම සඳහා යම් තරගකාරීත්වයක් ඇතිවුවහොත් උසස්පෙළ ප්‍රතිඵලවල ඉසෙඩ් අගය මත ප්‍රමුඛතාව ලබාදීමට නියමිත බව සඳහන්.