මධ්‍යම ඖෂධ ගබඩාවේ ඖෂධ වර්ග 190ක හිඟයක් පවතින බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසයි.
ජනාධිපති කේන්ද්‍රයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ.
එමෙන්ම මේ වසර අවසානය වනවිට ඖෂධ වර්ග 20ක් මෙරටදී නිෂ්පාදනය කිරීමට හැකිවනු ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා එහිදී කියා සිටියේ.