31 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsකටුනායක - ඊශ්‍රායලය අතර සෘජු ගුවන් ගමන්

කටුනායක – ඊශ්‍රායලය අතර සෘජු ගුවන් ගමන්

එලැඹෙන ඔක්තෝබර් මස සිට ඊශ්‍රායලයේ තෙල්අවිව් නුවර සිට කටුනායක දක්වා ප්‍රථම වරට ඍජු ගුවන් සේවා ආරම්භ කිරීමට නියමිත බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව දෙරට සිවිල් ගුවන්සේවා අංශ අතර අවබෝධතා ගිවිසුමක් නුදුරේදී අත්සන් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ඔක්තෝබර් මස සිට ඊශ්‍රායලයේ ‘ආකියා’ (Arkia) ගුවන් සේවයට අයත් ගුවන්යානා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඊශ්‍රායල් රජය අතර පැවති සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස දෙරට අතර ගුවන් සේවාවන් ආරම්භ කෙරෙන බවයි අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා කියා සිටියේ.

ඒ අනුව ඊශ්‍රායල් සංචාරකයින් විශාල පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටින බවත් එසේම ඊශ්‍රායලයේ රැකියාවල නිරත ශ්‍රී ලාංකිකයින්ට ගුවන් ටිකට් පත්‍ර මිල දී ගැනීමේදී මින් මුල්‍යමය ලාභයක් ලැබෙන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.