මෙරට මුහුදු කලාපය ආශ්‍රිතව රිච්ටර් පරිමාණ 08ක භූ කම්පනයක් සිදුවුවහොත්, කොළඹ නගරයේ අස්ථාවර පාදම් සහිත උස් ගොඩනැගිලිවලට සිදුවිය හැකි දේ ගැන පේරාදෙණිය විශ්වවිද්‍යාලයයේ භූ විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න අනතුරු අඟවා තිබේ.
පෙරේදා (01) මෙරට දකුණු ඉන්දියානු සාගර කලාපය ආශ්‍රිතව රිච්ටර් පරිමාණ හයක භූ කම්පනයක් වාර්තා වූ අතර එය කොළඹ, ගාල්ල, නෙළුව, අකුරැස්ස, ඇඹිලිපිටිය ඇතුළු දිවයිනේ ප්‍රදේශ රැසකට දැනී තිබීම විශේෂත්වයකි.
මහාචාර්යවරයා පෙන්වා දෙන්නේ ඉන්දියානු සාගර කලාපයේ අලුතින් නිර්මාණය වෙමින් පවතින තල මායිම ආශ්‍රිතව මෙවැනි භූ කම්පන ඉදිරි කාලයේදී ද සිදුවිය හැකි බවයි.
මෙවැනි විශාල භූ කම්පන නිසා මෙරට ගොඩනැගිලිවලට බලපෑමක් ඇති බව පවසන මහාචාර්යවරයා අවධාරණය කරන්නේ කොළඹ නගරය ආශ්‍රිතව ඇති උස් ගොඩනැගිලි වර්ගීකරණයකට ලක්කර ඒවායේ අවදානම් තත්ත්වයන් සම්බන්ධයෙන් නිසි අධ්‍යයනයක් සිදුකළ යුතු බවයි.