27.8 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsචමරිගේ විශිෂ්ට ඉනිම ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ජය ගෙන දෙයි

චමරිගේ විශිෂ්ට ඉනිම ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ජය ගෙන දෙයි

නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායමට එරෙහි අද (03) පැවති තුන්වන එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 8ක් අතැතිව ජයගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත්විය. ඒ ඩක්වත් ලුවිස් න්‍යායට අනුවයි

ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කාන්තා කණ්ඩායම පන්දුවාර 31කදී කඩුලු 2ක් දැවී ලකුණු 127ක් රැස්කර සිටියදී තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවිය.

පසුව තරගය ජයග්‍රහණය සඳහා ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට පන්දුවාර 29කදී ලකුණු 196ක ඉලක්කයක් හිමිවිය. පිටියට පිවිසි ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 26යි පන්දු 5කදී කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 196ක් රැස්කර ගැනීමට සමත්විය.

ප්‍රවේගකාරී ඉනිමක් ක්‍රීඩා කරමින් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නායක චමරි අතපත්තු නොදැවී ලකුණු 140ක් රැස්කළේ හයේ පහර 9ක් සහ හතරේ පහර 13ක් ඇතුළත් වයි