― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsපුතාගේ බෙහෙතකට නෙළුම් මල් කඩන්න ගිය පියා මඩේ එරී ජීවිතක්ෂයට

පුතාගේ බෙහෙතකට නෙළුම් මල් කඩන්න ගිය පියා මඩේ එරී ජීවිතක්ෂයට

නවගත්තේගම – කොන්කඩවල වැවේ නෙළුම් මල් කැඩීමට ගිය එක්දරු පියෙක් දියේ ගිලීමෙන් පසු මඩේ එරී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඊයේ (02) සවස මෙලෙස මියගොස් ඇත්තේ නවගත්තේගම, කොන්කඩවල ප්‍රදේශයේ පදිංචි 60 හැවිරිදි පුද්ගලයෙක්.

තම එකම දරුවා නිතර අපස්මාරය රෝගයට ගොදුරුවීම හේතුවෙන් ඒ සඳහා ප්‍රතිකාර කිරීමට අවශ්‍ය ඖෂධ සැකසීමට නෙළුම් මල් කැඩීමට ගිය අවස්ථාවේයි මෙම පුද්ගලයා මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ.

අදාළ පුද්ගලයා පාපැදියකින් පැමිණ වැව ආසන්නයේ නිවසක පාපැදිය දමා ගොස් ඇති බවත් සවස් වනතුරුත් නැවත නොපැමිණීම හේතුවෙන් ගම්වාසින් විසින් සොයා බලා තිබෙනවා.

පසුව ප්‍රදේශවාසීන් විසින් මඩේ එරී තිබිය දී මෙම පුද්ගලයාගේ සිරුර සොයා ගෙන ඇති අතර සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සඳහා පුත්තලම මූලික රෝහල වෙත යොමු කිරීමටයි කටයුතු කර ඇත්තේ.