31.1 C
Colombo
Thursday, November 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපේරාදෙණිය සරසවිය නැරඹීමට ලක්ෂ දෙකක ජන ගඟක්

පේරාදෙණිය සරසවිය නැරඹීමට ලක්ෂ දෙකක ජන ගඟක්

පේරාදෙණිය විශ්වවිද්‍යාලය ජනතාවට නැරඹීමට විවෘත කළ පළමු දිනයේදී ලක්ෂ දෙකක පිරිසක් පැමිණ ඇති බව එහි උපකුලපති මහාචාර්ය එම්.ඩී. ළමාවංශ පැවසීය.

එමෙන්ම සමාජ මාධ්‍ය තුළ පේරාදෙණිය විශ්වවිද්‍යාලය නැරඹීමට ගිය ජනතාව එහි ස්වභාව සෞන්දර්යට සහ විශ්වවිද්‍යාල දේපළවලට හානි වන අයුරින් කටයුතු කිරීම සම්බන්ධයෙන් පළ වූ වාර්තා අසත්‍ය බවත් එලෙස විශ්වවිද්‍යාලයේ ස්වභාව සෞන්දර්යට සහ විශ්වවිද්‍යාල දේපළවලට අලාභහානි වී ඇති බවට ප්‍රකාශ කරන ඕනෑම පුද්ගලයෙකුට සරසවිය තුළට පැමිණ එහි සත්‍ය අසත්‍යතාවය විමසා බැලීමට අවස්ථාව ලබාදෙන බවත් උපකුලපතිවරයා අවධාරණය කළේය.

ජූලි 1 වනදා යෙදී තිබූ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ 80 වන සංවත්සරයට සමගාමීවයි ජනතාවට මෙම අවස්ථාව හිමිවූයේ.

එහිදී විශ්ව විද්‍යාලය තුළ ඇති පීඨ 9 ම නැරඹීමට ජනතාවට අවස්ථාව හිමි විය.