26.1 C
Colombo
Thursday, September 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරත්මලාන - යාපනය ගුවන් ගමන් අරඹයි

රත්මලාන – යාපනය ගුවන් ගමන් අරඹයි

රත්මලාන හා යාපනය අතර අභ්‍යන්තර ගුවන් සේවා ආරම්භ කර තිබේ.

ඒ අනුව ප්‍රථම ගුවන් යානය මගීන් 12 දෙනෙකු සමඟ රත්මලානේ සිට යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත ළගා වූ බවයි රත්මලාන ගුවන්තොටුපළේ කළමනාකරු සඳහන් කළේ.

රත්මලාන හා යාපනය අතර ගුවන් ගමනක් සඳහා පැය එකයි විනාඩි දහයක කාලයක් ගත වන අතර එක් මගියෙකුට කිලෝග්‍රෑම් 7ක බරක් රැගෙන යා හැකිය. තනි ගමනක් සඳහා එක් අයෙකුට රුපියල් 41,500ක ගාස්තුවක් අයකරනු ලබයි.

සෑම සතියකම සෙනසුරාදා, ඉරිදා, අගහරුවාදා හා බ්‍රහස්පතින්දා යන දිනවල පෙරවරුවේ මෙම ගුවන් ගමන් පැවැත්වෙනවා.