26.7 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරුහුණු කතරගම දේවාලයේ අවසන් පෙරහැර අදයි

රුහුණු කතරගම දේවාලයේ අවසන් පෙරහැර අදයි

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් පෙරහැර අද (03) වීදි සංචාරය කිරීමට නියමිතයි.

පසුගිය 19 වැනිදා කතරගම දේවාලයේ ඇසළ මංගල්‍යය ආරම්භ වූ අතර හෙට (04) දිනයේ මැණික් ගඟේ දිය කැපීමේ චාරිත්‍රය ඉටුකිරීමෙන් පසු පෙරහැර මංගල්‍ය නිමාවට පත්වනවා.

මෙවර පෙරහැර මංගල්‍ය ආරම්භ වූ දින සිට බැතිමතුන් ලක්ෂ 07ක් පමණ කතරගම දේවාලය වන්දනා කර ඇති බව රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේවරයා සඳහන් කරනවා.

මේ අතර අද (03) දිනයේදී අවසන් පෙරහැර දැක බලාගැනීම සඳහා ද විශාල බැතිමතුන් පිරිසක් කතගම පුදබිම වෙත පැමිණෙනු ඇති බවයි විශ්වාස කරන්නේ. බැතිමතුන්ගේ පහසුව පිණිස පසුගිය දින කිහිපය තුළ දී කතරගම දේවාලය දිවා රාත්‍රි විවෘත තැබීමට පියවර ගෙන තිබුණා.