29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsශ්‍රී ලාංකීය දන්ත වෛද්‍ය පර්යේෂක කස්සපට අන්තර්ජාතික සම්මානයක්

ශ්‍රී ලාංකීය දන්ත වෛද්‍ය පර්යේෂක කස්සපට අන්තර්ජාතික සම්මානයක්

ඇමරිකා එක්සත් ජනපදයේ චිකාගෝහි ඉලිනොයි සරසවියේ සේවය කරන ශ්‍රී ලාංකීය පර්යේෂකයෙක් වන ආචාර්ය කස්සප ඇල්ලෙපොල මහතාට දන්ත වෛද්‍ය පර්යේෂණ නවෝත්පාදනය වෙනුවෙන් අන්තර්ජාතික දන්ත වෛද්‍ය පර්යේෂණ සංගමය සම්මාන පිරිනැමීය.

කොලොම්බියාවේ බොගෝටා නගරයේ පැවති අන්තර්ජාතික දන්ත වෛද්‍ය පර්යේෂණ සංගමයේ 101 වන සමුළුවේදී කස්සප මහතාට සම්මානය ප්‍රදානය කළේය.

ආචාර්ය ඇල්ලෙපොල මහතාගේ පර්යේෂණ කටයුතු වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් 50000 ක මුදලක් හෙලියොන් සමාගමේ මුල්‍ය පරිත්‍යාගයෙන්, අන්තර්ජාතික දන්ත වෛද්‍ය පර්යේෂණ සංගමය එහිදී පිරිනැමීය.

ආචාර්ය ඇල්ලෙපොල මහතා මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක් වන අතර කැළණිය සරසවියේ ක්ෂුද්‍රජීව විද්‍යාව පිළිබද විශේෂවේදී උපාධිධාරියෙකි. ඔහු සිංගප්පුරුවේ ජාතික විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධිය සහ ඇමරිකා එක්සත් ජනපදයේ ලුවිසියානා ප්‍රාන්ත සරසවියෙන් සහ චිකාගෝහි ඉලිනොයි සරසවියෙන් පශ්චාත් ආචාර්ය උපාධිය ලැබීය.