― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsහෝටලයේ යකා නැටූ ගායකයා වන්දි ගෙවයි

හෝටලයේ යකා නැටූ ගායකයා වන්දි ගෙවයි

පානදුර ප්‍රදේශයේ හෝටලයක් තුළ පසුගිය පළමුවනදා රාත්‍රියේ ඇතිවූ ආරවුලක් හේතුවෙන් චෝදනා එල්ල වී සිටි ජනප්‍රිය ගායක සමන් ද සිල්වා අගතියට පත් පාර්ශවය වෙනුවෙන් වන්දි මුදලක් ලබා දී සිද්ධිය සමතයකට පත්කර ගැනීමට එකඟ වී තිබෙනවා.

ඒ අනුව අගතියට පත් හෝටලයේ හිමිකරුවන්ට රුපියල් 25,000ක වන්දි මුදලක් ලබා දී එය සමතයකට පත්කර ගැනීමට අද (03) දහවල් එකඟ වූ බවයි පානදුර දකුණ පොලිසිය පැවසුවේ.

පැමිණිලි පාර්ශ්වය අදාළ වන්දි මුදල් ලබාගැනීමෙන් පසු, පැමිණිල්ල තවදුරටත් විභාග කිරීමට අවශ්‍ය නොවන බව දැනුම් දීමෙන් අනතුරුව දෙපාර්ශ්වයටම අවවාද කර පිටත්කර යැවූ බව එහි උසස් පොලිස් නිළධාරීයෙක් සඳහන් කළා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ජනප්‍රිය ගායක සමන් ද සිල්වා අදහස් දක්වමින් සඳහන් කළේ, එය මාධ්‍ය මඟින් ඉස්මතු වූ ආකාරයේ සිදුවීමක් නොවන බවත් රුපියල් 25,000ක් ලබාදීමෙන් පසු දෙපාර්ශ්වය සමතයකට පත් වූ බවයි.

පානදුර ප්‍රදේශයේ පිහිටි ආපනශාලාවකට ගායන ශිල්පී සමන් ද සිල්වා ඇතුළු පිරිසක් පෙරේදා (01) රාත්‍රියේ ආහාර ගැනීමට පැමිණ තිබුණා. එහිදී සමන් ද සිල්වා ඇතුළු එම පිරිස පරාටා විස්සක්, උම්බලකඩ සම්බෝලයක්, කුකුල් මස් කරි හා පරිප්පු කරියක් ආහාරයට ගෙන ඇති අතර පැණි බීම බෝතල් දෙකක් ද පානය කර තිබූ බවයි වාර්තා වුණේ.

එලෙස ආහාර ගැනීමෙන් අනතුරුව එහි බිල වන රුපියල් 1650ක මුදල නොගෙවා පිටව යාමට සැරසීමත් සමඟ ආපනශාලා සේවකයන් එයට විරුද්ධ වී ඇති බවයි වාර්තා වන්නේ. එම අවස්ථාවේදී ආවේගශීලිව හැසිරී ඇති ගායක ශිල්පියා ඇතුළු පිරිස එහි සේවකයන් දෙදෙනකුට පහර දී පුටු මේස පොළවේ ගසා අලාභහානි සිදුකළ බවට පොලිසියට පැමිණිලි කර තිබුණා.