31.7 C
Colombo
Thursday, February 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅලි සබ්රි ගැන රේගු වාර්තාව කථානායකට

අලි සබ්රි ගැන රේගු වාර්තාව කථානායකට

ශ්‍රී ලංකා රේගුව පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තාවක් කථානායක මහින්ද යාපා අබේවර්ධන ලබාදී තිබේ.

නීතිවිරෝධී ලෙස මෙරටට ‍රුපියල් කෝටි අටක් පමණ වටිනා රත්‍රං සහ ජංගම දුරකථන ඩුබායි රාජ්‍යයේ සිට රැගෙන ඒමේ සිද්ධිය සම්බන්ධයෙන් වැරදිකරු වූ මන්ත්‍රීවරයා ගැන කථානායකවරයා විසින් රේගුවෙන් කළ ඉල්ලීමකට අනුවයි මෙම වාර්තාව ලබා දී ඇත්තේ.

එම වාර්තාව එළඹෙන පක්ෂ නායක රැස්වීමට ඉදිරිපත් කිරීමට නියමිතය. කතානායකවරයා සඳහන් කළේ එහිදී පක්ෂ නායකයින් සමග සාකච්ඡා කර ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට බලාපොරොත්තු වන බවයි.