28.4 C
Colombo
Tuesday, August 26, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදඩැල්ලේ රිය අනතුරකින් අයෙක් ජීවිතක්ෂයට

දඩැල්ලේ රිය අනතුරකින් අයෙක් ජීවිතක්ෂයට

ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ දඩැල්ල ප්‍රදේශයේදී අද (04) අලුයම සිදුවූ රිය අනතුරකින් වයස අවුරුදු 52ක පුද්ගලයෙක් මියගොස් තිබෙනවා.

මෙම පුද්ගලයා සිය පුත්‍රයා සමඟ යතුරුපැදියකින් ගමන් කරමින් සිටිය දී මෙම අනතුරට මුහුණ පා ඇති බවයි වාර්තා වන්නේ. ධාවනය වෙමින් තිබූ යතුරුපැදිය සුනඛයෙකුගේ ගැටීමෙන් පසු පෙරළී ගොස් ඇති අතර එහිදී අදාළ පුද්ගලයා මාර්ගය මත වැටී තිබෙනවා.

එම අවස්ථාවේ පැමිණි බස් රථයකට යට වී මෙම පුද්ගලයා එම ස්ථානයේදීම මියගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ. ඔහු සමඟ යතුරුපැදියේ ගමන් ගත් පුත්‍රයාට මෙම අනතුරින් හානියක් සිදුව නොමැති බවයි වාර්තා වන්නේ.

අනතුර සම්බන්ධයෙන් ගාල්ල පොලීසිය පරීක්ෂණ පවත්වනු ලබනවා.