28.4 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalදේශීය ණය ප්‍රශස්තකරණ ඡන්දෙට චමල් පාර්ලිමේන්තුවේ සිටියා

දේශීය ණය ප්‍රශස්තකරණ ඡන්දෙට චමල් පාර්ලිමේන්තුවේ සිටියා

පසුගියදා පළමුවනදා පාර්ලිමේන්තුවේ බහුතරයකින් සම්මත වූ දේශීය ණය ප්‍රශස්තකරණය ක්‍රියාත්මක කිරීම සඳහා වන යෝජනා සම්මතය සඳහා පැවති ඡන්දය විමසීමට පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ සහභාගී වූ බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර පවසනවා.

අදාළ යෝජනා සම්මතය සම්මත කිරීම සඳහා ඡන්දය විමසන අවස්ථාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ සභා ගර්භයේ නොසිටි මන්ත්‍රිවරයෙක් ලෙස මාධ්‍ය මගින් පළ කරනු ලබන වාර්තා සම්පූර්ණ අසත්‍ය බවයි මහ ලේකම්වරිය පවසන්නේ.

චමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා යෝජනා සම්මතයට පක්ෂව ඡන්දය භාවිත කර ඇති බවත් මහ ලේකම්වරිය නිවේදනයක් මඟින් තවදුරටත් දන්වා සිටිනවා.