28.9 C
Colombo
Friday, July 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපොල් අයිස්ක්‍රීම් නිෂ්පාදනයට පියවර

පොල් අයිස්ක්‍රීම් නිෂ්පාදනයට පියවර

දේශීය වෙළෙඳපොළ ඉලක්ක කරගනිමින් පොල් අයිස්ක්‍රීම් නිෂ්පාදනය කිරීමේ හැකියාව පවතින බව පොල් පර්‌යේෂණ ආයතනය පවසයි.

පොල් පර්‌යේෂණ ආයතනය විසින් සිදුකරන ලද පර්‌යේෂණයකින් අනතුරුව පොල් අයිස්ක්‍රීම් නිෂ්පාදන තාක්ෂණය හඳුනාගෙන ඇති අතර සියයට සීයක් පොල් ආශ්‍රිත සෞඛ්‍ය සම්පන්න අතුරුපසක් ලෙස මෙම නිෂ්පාදනය සිදුකළ හැකි බවයි පොල් පර්‌යේෂණ ආයතනය සඳහන් කරන්නේ.

කාබනික පොල් වගාවෙන් ලබාගන්නා ඵලදාව උපයෝගි කරගනිමින් පොල් අයිස්ක්‍රීම් නිෂ්පාදනය කරන අතර එළකිරි හෝ වෙනත් පිටිකිරි වර්ග කිසිවක් මෙම අයිස්ක්‍රීම් නිෂ්පාදනය සඳහා භාවිත නොකරන බවයි ඔවුන් පවසන්නේ.

විදෙස් වෙළෙඳපොළ තුළද විවිධ රසැති අතුරුපස වර්ග දක්නට ලැබෙන නමුත් තවමත් අයිස්ක්‍රීම් වැනි අතුරුපසක් ලෙස පොල් භාවිත කරනු දක්නට නොලැබේ.