24.5 C
Colombo
Sunday, March 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබැංකු හා කොටස් ගනුදෙනු ඇරඹේ

බැංකු හා කොටස් ගනුදෙනු ඇරඹේ

දින පහක දීර්ඝ නිවාඩුවකින් පසුව සියලුම බැංකු අද (04) දිනයේ සිට යළි විවෘත වනවා.

මේ අතර කොළඹ කොටස් වෙළෙඳපොළේ කටයුතු ද අද දිනයේ සිට ක්‍රියාත්මක වන්නේ දින පහකට පසුවයි. ඒ අනුව ගනුදෙනුකරුවන්ට බැංකු මඟින් ලබාගත හැකි සේවාවන් සාමාන්‍ය පරිදි සිදුකර ගත හැකි අතර කොටස් වෙළෙඳපොළ ගණුදෙනුකරුවන්ට ද එහි කටයුතුවලට යොමුවීමේ හැකියාව ලැබෙනවා.

බැංකු සහ කොටස් වෙළෙඳපොළ පසුගිය බ්‍රහස්පතින්දා දිනයේ සිට ඊයේ දින දක්වා වසා තැබුණේ දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයට පහසුවක් ලෙසයි.