28.9 C
Colombo
Friday, July 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමහනුවර රෝහලේ කාණුවකින් කළලයක් හමුවෙයි

මහනුවර රෝහලේ කාණුවකින් කළලයක් හමුවෙයි

මහනුවර ජාතික රෝහලේ ගැබිණි වාට්ටු අසළ ඇති අපජලය බැහැර කරන කාණුවක තිබී
මිනිස් කළලයක් හමු වී තිබේ.

පොලීසිය පවසන්නේ මෙලෙස හමු වූ කළලයට මාස අටක් පමණ වන බවයි.

රෝහලේ එම කාණු පද්ධතිය පිරිසිදු කිරීමට ගිය සේවිකාවක් මෙම කළලය දැක ඇති අතර ඒ පිළිබඳව රෝහල් බලධාරීන්ට දැනුම් දී තිබේ .

මහනුවර ජාතික රෝහලේ ගැබිනි වාට්ටුවේ සිටින මවක විසින් මෙය කාණුවට බැහැර කර තිබෙන බවක් මෙතෙක් අනාවරණය වී නොමැති බවත් සතෙකු විසින් මෙම කළලය ඇදගෙන විත් මෙම ස්ථානයට ගෙනවිත් දමන්නට ඇති බවට සැක කරන බවත් මහනුවර ජාතික රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය ඉරේෂා ප්‍රනාන්දු කියා සිටියාය.

මේ වනවිට රෝහලේ මෘත ශරීරාගාරයේ එම මිනිස් කලලය තැන්පත් කොට ඇති අතර අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා එය පරීක්ෂා කර බලන තෙක් ඒ සම්බන්ධයෙන් ස්ථිර ප්‍රකාශයක් සිදුකළ නොහැකි බවයි ඇය අවධාරණය කළේ.