31 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsමිනී අළු යොදා සාදන රන් බඩුවලට ඉහළ ඉල්ලුමක්

මිනී අළු යොදා සාදන රන් බඩුවලට ඉහළ ඉල්ලුමක්

මියගිය පුද්ගලයන්ගේ භෂ්මාවශේෂ තැන්පත් කර මෙරට දී නිෂ්පාදනය කරන ස්වර්ණාභරණ හරහා වසරකට ඩොලර් ලක්ෂ පහළොවක පමණ විදේශ විනිමයක් ඉපයීමේ හැකියාව ලැබී ඇති බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය පවසයි.

මේ වනවිටත් ආර්.කේ.එස්. අපනයන ආයතනය හරහා භෂ්මාවශේෂ ස්වර්ණාභරණ නිර්මාණ කටයුතු සිදුවන අතර ඔවුන්ගේ එම නිෂ්පාදන සඳහා ඉහළ ඉල්ලුමක් නිර්මාණය වී ඇති බවයි ඔවුන් පවසන්නේ.

මෙවැනි ස්වර්ණාභරණ පැලඳීම සඳහා යුරෝපය, ජර්මනිය, මැද පෙරදිග වැනි රටවල්වල විශාල ඉල්ලුමක් නිර්මාණය වී ඇත.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය මගින් මෙම නිෂ්පාදන කිරීම සඳහා අදාළ ආයතන වෙත මේ වන විටත් සියලු පහසුකම් සලසා දී ඇති බවයි වාර්තා වන්නේ.