― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalරනිල්ට තියෙන්නේ ධනේශ්වර පන්තියට ගැළපෙන දේශපාලනයක්

රනිල්ට තියෙන්නේ ධනේශ්වර පන්තියට ගැළපෙන දේශපාලනයක්

අරගලයට මුහුණ දිය හැකි හොඳම නායකයා ලෙස රනිල් වික්‍රමසිංහ තෝරා පත්කර ගත්තද සමහර තීන්දු තීරණවලදී තම ප්‍රතිපත්ති සමඟ යම් වෙනසක් ඇති බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ ගාල්ල දඩල්ල මිනෝරි හෝටලයේ පැවැති ගාල්ල ආසන බල මණ්ඩල රැස්වීම අමතමිනි.

“අපි දන්නවා රනිල් වික්‍රමසිංහගේ දේශපාලන පක්ෂය අනුව එතුමාගේ දේශපාලන දැක්ම ඉහළ මධ්‍යම පන්තියට ගැළපෙන, ධනේශ්වර පන්තියට ගැළපෙන දේශපාලන දර්ශනයක්. එතුමාගේ දේශපාලන පක්ෂය ගොඩනැඟුණේ ධනේශ්වර පන්තියත් එක්ක. එහෙම නැතුව අපි නියෝජනය කරන, අපි වැඩ කරන දේශපාලන පක්ෂ එක්ක නොවෙයි. ඒ නිසා පොදුජන පෙරමුණේ වර්තමාන වගකීම වන්නේ එතුමා ආර්ථික වර්ධනය සඳහා ගන්නා තීන්දු තීරණවලදී ඒවා ජනතාවාදී තීන්දු තීරණ බවට පරිවර්තනය කිරීම හා ඒ සඳහා පක්ෂයක් වශයෙන් අභ්‍යන්තරයේ සටන් කර ඒ සඳහා පෙනී සිටිනවා.

එදා විදුලි කැපිල්ල තුළ පැය දොළහ පහළොවක්, තෙල් පෝලිම්වල, ගෑස් පෝලිම්වල සිටීම නිසා මේ සිස්ටම් එක වෙනස් කරන්න ඕන කියන පිරිසක් එළියට ආවා. අපි ඒක නෑ කියන්නේ නෑ. හැබැයි ඒක යට දේශපාලන වාසි ලබා ගැනීමට යම් පිරිසක් සිටියා. අද අපි දන්නව අරගල භූමියේ සිටි අය අද කොතැනද ඉන්නේ කියා. සමහරු වර්තමාන ජනාධිපතිතුමාගේ කාර්යාලයේ. තවත් සමහරු සජිත් මහත්තයාගේ වේදිකාවේ. තවත් අය අනුර කුමාර මහතාගේ වේදිකාවේ. තවත් අය චම්පිකගේ ළඟ. තව පිරිසක් පෙරටුගාමීන් සමඟ. නිර්පාක්ෂික යැයි කියාපු අය මෙහෙම අයින් වුණාම අවංකවම අරගල කරපු අය අද හොයාගන්නවත් නැහැ.

සමෘද්ධි බැංකු ඇති කරලා ඒ අයගේ මරණයට මඟුලට දුකට සැපට පිහිට වෙන සමාජමය ව්‍යාපෘතියක් තමයි සමෘද්ධිය කියන්නේ. එදා එහි ලක්ෂ දාහතක් හිටියා. අද අස්වැසුම තුළ ඇත්තේ ලකෂ විසි එකයි. එතනත් දෙන්න ඕන අයට ලැබිලා නෑ. දීගෙන ආපු අයට කැපිල. නොලැබිය යුතු අයට යම් දේශපාලන හේතු මත යම් කාරණා නිසා ලැබිලා. මෙතැන යම් ප්‍රශ්නයක් තියෙනවා. ලක්ෂ 17 විසි එකක් වුණාට ලැබිය යුතු අයට නොලැබීමත් දිගින් දිගටම ලැබිය යුතුව ලැබෙමින් තිබුණු අයට නොලැබීමත් අපි දකිනවා. මෙම ක්‍රියාවලියේදී එක්කෝ හුදෙක් මෙහි යම් දේශපාලන අරමුණක් තියෙනවා.”