28.9 C
Colombo
Thursday, August 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalරනිල් කටින් බතල හිටවන්නෙ නැතුව රට ගොඩගත්තා - වජිර

රනිල් කටින් බතල හිටවන්නෙ නැතුව රට ගොඩගත්තා – වජිර

පාර්ලිමේන්තුවේ තනි අසුනක් තිබුණු රනිල් වික්‍රමසිංහ කටින් බතල කොළ සිටුවමින් නොසිට වහා ක්‍රියාත්මක වී රට නගාසිට වූ බවත් පාරේ පෝස්ටර් ගසා ජනතා ප්‍රශ්න වලට විසැඳුම් සෙවීමට නොහැකි බවත් එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ අද (04) පැවති මාධ්‍ය හමුවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ රටේ බැංකු පද්ධතිය බිඳ වැටීමට ඉඩ නොදී දේශීය ණය සහ විදේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට පාර්ලිමේන්තු අනුමැතිය ලබා ගන්නා අවස්ථාවේ විරුද්ධ පක්ෂය සහ ඇතැම් කණ්ඩායම් හැසිරුණු ආකාරය පිළිබඳව ජාතියක් ලෙස කණගාටුවට පත් විය යුතු බවයි.

මහජනතාව රැවැට්ටවීම නවතා දැමිය යුතු කාලය දැන් උදා වී තිබෙන බවත් රට ගොඩනැගීමට විකල්ප හෝ විසඳුම් නැති අය දැන්වත් කට වසාගෙන ආණ්ඩුවේ වැඩපිළිවෙලට සහාය දිය යුතු බවත් අවධාරණය කළේය.