27.8 C
Colombo
Tuesday, August 26, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස මේ සතියේ කැබිනට් මණ්ඩලයට

වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස මේ සතියේ කැබිනට් මණ්ඩලයට

විශේෂඥ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 63 දක්වා ඉහළ නැංවීමට අදාළ කැබිනට් පත්‍රිකාව මේ සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

දිනෙන් දින ඉහළ යන වෛද්‍ය පුරප්පාඩු සැලකිල්ලට ගනිමින් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති බව අමාත්‍යාංශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත සඳහන් කළේය.

විශේෂඥ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම යන වයස අවුරුදු 63 දක්වා ඉහළ නැංවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පසුගිය සතියේ නිර්දේශ කර තිබුණා.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා සඳහන් කළේ මෙම තීන්දුව සම්බන්ධයෙන් අභියාචනාධිකරණයට පසුගිය සතියේ දැනුම් දුන් බවයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා සඳහන් කළේ වයස අවුරුදු 60දී විශ්‍රාම ගැන්වීමට එරෙහිව විශේෂ වෛද්‍ය විශේෂඥ කමිටුව ගොනු කළ පෙත්සමට අදාළව මෙම කරුණු ඉදිරිපත් කළ බවයි.