2023 වසරේ ජනවාරි සිට මැයි දක්වා සංචාරකයින් පැමිණීම 524,486 ක ප්රමාණයට සාපේක්ෂව 2022 වසරේ අනුරූප කාල පරිච්ඡේදය තුළ සංචාරකයින් පැමිණීම 378,521 කි. ඒ් අනුව 2022 මැයි දක්වා කාල පරිච්ඡේදයට සාපේක්ෂව 2023 අනුරූප කාල පරිච්ඡේදයේ සංචාරකයින් 145,965 ක වර්ධනයක් පෙන්නුම් කරයි.
2023 ජනවාරි සිට මැයි දක්වා සංචාරක ඉපයීම් එ.ජ. ඩොලර් මිලියන 828ක් ලෙස වාර්තා වූ අතර, 2022 වසරේ අනුරූප කාල පරිච්ඡේදයේ එය එ.ජ. ඩොලර් මිලියන 635 කි. ඒ අනුව 2022 මැයි දක්වා කාල පරිච්ඡේදයට සාපේක්ෂව 2023 වසරේ අනුරූප කාල පරිච්ඡේදයේ එ.ඩො. මිලියන 193ක වර්ධනයකි.