26.1 C
Colombo
Monday, March 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසිම්බාබ්වේ කණ්ඩායමේ ලෝක කුසලාන බලාපොරොත්තු බොඳ වෙයි

සිම්බාබ්වේ කණ්ඩායමේ ලෝක කුසලාන බලාපොරොත්තු බොඳ වෙයි

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ සුපිරි 6දෙනාගේ වටයේ සිම්බාබ්වේ කණ්ඩායම සහ ස්කොට්ලන්ත කණ්ඩායම අතර තරග අද (04) පැවැත්වුණි.

එහි කාසියේ වාසිය දිනාගැනීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත්විය.

ඒ අනුව සිම්බාබ්වේ කණ්ඩායමේ තීරණය කළේ පළමුවෙන් පන්දු යැවීමටය.

පළමුවෙන් පන්දුවට පහරදුන් ස්කොට්ලන්ත කඩුළු 08ක් දැවී ලකුණු 234ක් රැස් කළේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සිම්බාබ්වේ කණ්ඩායමට පන්දුවාර 41 පන්දු 01ක් තුළ සියලුදෙනා දැවී රැස්කර ගැනීමට හැකිවූයේ ලකුණු 203ක් පමණි.

ඒ අනුව එම තරගය ස්කොට්ලන්ත කණ්ඩායම ලකුණු 31කින් ජය ගත්තේය.

මේ පරාජයත් සමඟ සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායමට 2023 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට පිවිසීමේ අවස්ථාව නැතිවී ගියා.