― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsඅලි මිනිස් ගැටුමට ස්ථිරසාර විසඳුම් ලබාදීම සඳහා ජාතික ප්‍රතිපත්තියක් - පවිත්‍රා වන්නිආරච්චි

අලි මිනිස් ගැටුමට ස්ථිරසාර විසඳුම් ලබාදීම සඳහා ජාතික ප්‍රතිපත්තියක් – පවිත්‍රා වන්නිආරච්චි

අලි මිනිස් ගැටුම විසඳීම සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්තියක් සහ වැඩපිළිවෙළක් ඇති කළයුතු බව වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

අමාත්‍යවරිය මේ බව පැවසුවේ අලි මිනිස් ගැටුම කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඊට අදාළ සියලුම ආයතන ඒකාබද්ධ කර ගනිමිනි ශ්‍රී ලංකා පදනම් ආයතනයේ ඊයේ (04) පැවති වැඩමුළුවට සහභාගි වෙමිනි.

වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් හා ඊට අදාළ අනෙකුත් සියළුම ආයතනයන්ගේ මැදිහත්වීමෙන් සකස් කෙරෙන අලි මිනිස් ගැටුම විසඳීම සම්බන්ධයෙන් වූ ජාතික ප්‍රතිපත්තිය හා වැඩපිළිවෙළ පාර්ලිමේන්තුව තුළ විවාදයට බඳුන් කළයුතු බවත්, ආංශික අධීක්ෂණ කමිටු වැනි දේට යොමු කර අවශ්‍ය ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් නිසි සැකැස්මක් සකස් කළ යුතු බවත් අමාත්‍යවරිය මෙහිදී පෙන්වා දුන්නාය

වත්මන් තත්වය තුළදී අලි මිනිස් ගැටුම මෙරට ප්‍රධාන ගැටලුවක් බවට පත්වී ඇති බවත්, ඒ සම්බන්ධයෙන් විසඳුම් සෙවීමේදී කොතරම් මුදලක් වැය වුවද වැයවන මුදල නොව ස්ථිරසාර විසඳුමක් ලබාගැනීමට කටයුතු කළ යුතු බවත් අමාත්‍යවරිය මෙහිදී පැවසුවාය

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරිය සඳහන් කළේ මෙම ගැටලුව උග්‍රවීමට අතීතයේ ගත් තීන්දු තීරණ බලපෑ බවත් මේ සම්බන්ධයෙන් ප්‍රතිපත්ති හා වැඩපිළිවෙළ සකසන විට කෙටිකාලීන, මධ්‍ය කාලීන හා දිගු කාලීන විසඳුම් සහිතව සැකසිය යුතු බවයි.

මෙම ගැටලුව හේතුවෙන් මෙරට ජනතාව මෙන්ම අලින් ද දුක් විඳින බවත්, වන අලි සංරක්ෂණය වෙනුවෙන් ප්‍රධාන සැලසුමක් හැකි ඉක්මනින් සකස් කළ යුතු බවත් අමාත්‍යවරිය මෙහිදී පැවසුවාය.