29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsතායිරාජා රැගෙන ගියොත් නඩු දමනවා - හිටපු දියවඩන නිලමේ

තායිරාජා රැගෙන ගියොත් නඩු දමනවා – හිටපු දියවඩන නිලමේ

සියම් රජු විසින් දළදා මාළිගාවට පූජා කළ තායි රාජා හස්තියා නැවත තායිලන්තයට ගෙනයෑමට උත්සහ කළහොත්, ඇතාගේ නඩත්තුවට ගිය වියදම ඉල්ලා තමන් නඩු පවරන බව හිටපු දියවඩන නිලමේවරයෙකු වන නෙරංජන් විජයරත්න පවසයි.

ලබාදුන් ත්‍යාගයක් නැවත ඉල්ලීම සදාචාරාත්මක නොවන කාර්යයක් බවයි දියවඩන නිලමේවරයා සඳහන් කළේ.

මේ අතර ශ්‍රී ලංකාවට තායිලන්තයෙන් ලබා දී ඇති අනෙක් හස්තීන් දෙදෙනාද මව් රටට ගෙන්වා ගන්නා ලෙස තායිලන්ත ජනතාවගෙන් ඉල්ලීම් ඉදිරිපත් වුවහොත් ඊට අවශ්‍ය පියවර ගන්නා බව තායිලන්ත පරිසර අමාත්‍ය වරාවුත් සිල්පාආර්වා පැවසීය.

මුතුරාජා හස්තියා තායිලන්තයට රැගෙන යාමේ කටයුතු සොයා බැලීමට පැමිණි නියෝජිත කණ්ඩායම පසුගියදා එරටින් පරිත්‍යාගයක් ලෙස ලැබුණු කණ්ඩුල හස්තියා නිරීක්ෂණය කිරීමට කතරගමට ගොස් තිබූ අතර තමන්ට හස්තියා දැකගැනීමට නොහැකි වූ බවයි එම නියෝජිත කණ්ඩායමේ සිටින කාංචනා ශිල්පා තායිලන්ත මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ.

එම අවස්ථාවේදී හස්තියා බාර බලධාරින් මෙම නියෝජිත කණ්ඩායමට පවසා ඇත්තේ මද කිපී සිටීම නිසා මෙම හස්තියා වෙනත් ස්ථානයකට රැගෙන ගිය බවයි.