― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsධන කුවේරයන් භාවිතා කරන අලුත් මත්ද්‍රව්‍යයක් මොරටුවෙන් අල්ලයි

ධන කුවේරයන් භාවිතා කරන අලුත් මත්ද්‍රව්‍යයක් මොරටුවෙන් අල්ලයි

මාලදිවයින සහ ඩුබායි අතර මෙරට  සිට ක්‍රියාත්මක මෙතෙක් හඳුනා නොගත් මත්ද්‍රව්‍ය ජාවාරමක් මෙහෙයවන සුපිරි කෝටිපති ධනවතකු සහ කෝටිපති ව්‍යාපාරික පුතෙකු මෙන්ම තවත් පුද්ගලයකු මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් බව පානදුර වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක බලකාය පවසයි.

මත්ද්‍රව්‍ය විශේෂය  මෙතෙක් මෙරටින් හමුනොවු මත්ද්‍රව්‍ය විශේෂයක් බව පොලිසිය කියයි

එම සැකකරුවන් තිදෙනා  සමග හඳුනා නොගත් මත්ද්‍රව්‍ය ගෑම් 115 ක් සහ කුෂ් මත්ද්‍රව්‍ය ගෑම් 21 ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

මොරටුව සමන්පුර ප්‍රදේශයේ අති සුඛෝපභෝගී තෙමහල් නිවසක ජාත්‍යන්තරය හා සම්බන්ධ මත්ද්‍රව්‍ය ජාවාරමක් සිදු වන බවට පානදුර වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක  බලකායට ලද තොරතුරක් අනුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම මත්ද්‍රව්‍ය ජාවාරමේ මෙරට බෙදාහැරිමේ නියෝජිතයා ලෙස කටයුතු කරන මොරටුව සමන්පුර කෝටිපති ව්‍යාපාරිකයාගේ පුතු අත්අඩංගුවට ගෙන සැකකරු සන්තකයේ තිබී හඳුනා නොගත් විශේෂිත වූ මත්ද්‍රව්‍ය ග්‍රෑම් 115 ක් පොලිස් භාරයට ගෙන සිදු කළ දීර්ඝ ප්‍රශ්න කිරීමේ දී කාලයක් තිස්සේ  සිදුකළ හඳුනා නොගත් මෙම ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරමේ සුලමුල අනාවරණය වූ බව පොලිසිය කියයි

සැකකරු අනාවරණය කල තොරතුරු අනුව  මත්ද්‍රව්‍ය ජාලයේ මහ මොළකරු වන මෙරටට බෝට්ටු සහ එන්ජින් ආනයනය කිරීමේ යෙදෙන  දෙහිවල අත්තිඩිය ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයා අත්අඩංගුවට ගෙන සිදුකරන ලද ප්‍රශ්න කිරීමේදී  මෙම මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමේ තොරතුරු තවදුරටත්  අනාවරණය කර ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි 

මෙම ජාවාරමේ මෙරට බෙදාහැරීමේ කටයුතු වලට සහාය ලබා දුන් දෙහිවල  ඇන්ඩර්සන් පාරේ පුද්ගලයකු ද කුශ් ගෑම් 20 ක් සමග අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි

වට්ස්ඇප් තාක්ෂණය ඔස්සේ ඩුබායි රටේ සිට ගුවන් තැපැල් හරහා සහ කූරියර් සේවාව ඔස්සේ සෙල්ලම් බඩු අතරේ සඟවා මෙරටට ආනයනය කර ඇති මෙම  විශේෂිත වූ මත්ද්‍රව්‍ය මොරටුව සමන්පුර දී අත්අඩංගුවට ගත්  සැකකරුට භාරදීමෙන් අනතුරුව ඔවුහු ඒවා නැවත කොටස් කර සෙල්ලම් බඩුවල ඇසුරුම් කර  මාලදිවයින ට ප්‍රති  අපනයනය කිරීමට දෙහිවල අත්තිඩිය ප්‍රදේශයේ මහ මොළකරු වෙත භාර දී තිබූ බව මෙතෙක් කරන ලද විමර්ශනවලදී අනාවරණය වී ඇත

ඊට අමතරව මෙම හඳුනා නොගත් මත්ද්‍රව්‍ය විශේෂය රාත්‍රී සමාජ ශාලා ඇබ්බැහිව සිටින ධන කුවේරයන් අතරද ප්‍රචලිත කර ඇති බව විමර්ශන වලදී අනාවරණය වී ඇත.