― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeNewsපෙම්වතා පැහැරගත් පෙම්වතිය අත්අඩංගුවට

පෙම්වතා පැහැරගත් පෙම්වතිය අත්අඩංගුවට

ප්‍රේම සම්බන්ධයකට පිටුපෑ තරුණයකු පැහැරගෙන යාමේ සිද්ධිය සම්බන්ධයන් අවශ්‍යව සිටි තරුණියක් සහ තවත් පුද්ගලයින් සිව්දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.

පින්වත්ත පොලිසිය පැවසුවේ අද (05) අලුයම් කාලයේ මෙම පිරිස අත්අඩංගුවට ගත් බවයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වාද්දුව ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක්.

ඊයේ (04) පස්වරුවේ අළුබෝමුල්ල, පින්වත්ත අතුරු මාර්ගයේදී ත්‍රිරෝද රථයකින් පැමිණි තරුණියක් සහ තවත් පිරිසක් මෙම තරුණයාව පැහැරගෙන ගොස් ඇති බවයි වාර්තා වුණේ.

පැහැරගත් තරුණයා සහ තරුණිය අතර කලක සිට ප්‍රේම සම්බන්ධයක් පවත්වාගෙන ගොස් ඇති අතර එහිදී තරුණයා විසින් තරුණියව විවාහ කරගැනීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ඔහුව මෙලෙස පැහැරගෙන තිබෙනවා.

තරුණයාව පැහැරගෙන ගොස් පාළු නිවසක සඟවාගෙන සිට නැවත මුදාහැර ඇති බව යි අනාවරණය වී ඇත්තේ. සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු තරුණිය ආරක්ෂක අංශයට සම්බන්ධව රාජකාරී කරන තැනැත්තියක් වන අතර පැහැරගැනීමට ලක්වූ තරුණයා පෞද්ගලික සමාගමක සේවය කරන අයෙක් බව සඳහන්.

පැහැර ගැනීම සදහා සැකකරුවන් පැමිණි ත්‍රීරෝද රථය සහ එහි රියදුරු සොයා තවදුරටත් පරීක්ෂණ පවත්වන බවයි පොලිසිය සඳහන් කළේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් අද (05) පානදුර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.