26.1 C
Colombo
Saturday, January 17, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබඳින්න බෑ කියූ නිසා පෙම්වතා පැහැරගත් තරුණිය සොයා විමර්ශන

බඳින්න බෑ කියූ නිසා පෙම්වතා පැහැරගත් තරුණිය සොයා විමර්ශන

ප්‍රේම සම්බන්ධතාවයට පිටු පෑ බව කියන තරුණයෙකු පැහැරගෙන යාමේ පුවතක් පානදුර, පින්වත්ත ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මෙම තරුණයා සමඟ ප්‍රේම සම්බන්ධතාවය පැවැත්වූ බව කියන තරුණිය විසින් ඔහුව මෙලෙස පැහැරගෙන ගොස් ඇති බවයි පොලිසියට පැමිණිලි ලැබී ඇත්තේ.

පැහැරගැනීමට ලක්වූ බව කියන තරුණයා සහ තරුණිය පෙම්වතුන්ව සිට ඇති බවත් තරුණියව විවාහ කර ගැනීමට තරුණයා විසින් ප්‍රතික්ෂේප කිරීමත් සමඟ මෙම පැහැරගැනීම සිදුකර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

තවත් පුද්ගලයින් කිහිපදෙනෙකු සමඟ ත්‍රීරෝද රථයකින් පැමිණ ඇති තරුණිය පින්වත්ත ප්‍රදේශයේ දී තරුණයා පැහැරගෙන ගොස් පාළු නිවසක සඟවාගෙන සිට නැවත මුදාහැර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම පැහැරගැනීමට සම්බන්ධ තරුණිය ආරක්ෂක අංශයකට සම්බන්ධ තරුණියක් වන අතර ඇය සහ මෙම සිද්ධියට සම්බන්ධ අනෙකුත් පුද්ගලයි සොයා පොලිසිය මේ වනවිට විමර්ශන සිදුකරනු ලබනවා.