27 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsබුදු මැදුරේ සඟවා තැබූ හෙරොයින් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

බුදු මැදුරේ සඟවා තැබූ හෙරොයින් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

මොරටුව පොලිසියේ දූෂණ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයාගේ තොරතුරක් මත මොරටුව පොලීසියේ පොලිස් කණ්ඩායමක් මොරටුව දුම්රියපළ ඉදිරිපිට ඇති බුදු මැදුරේ සඟවා තිබියදී හෙරොයින් ග්‍රෑම් 22 සොයා ගෙන තිබෙනවා.

එසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ පස්වන පටුමග, ලුනාව,මොරටුව ලිපිනයේ පදිංචි සමන්ත දේවප්‍රිය ප්‍රනාන්දු යන වයස අවුරුදු 35ක වඩු කාර්මික ශිල්පියෙකි.

මෙම පුද්ගලයා මොරටුව අඟුලාන ලුනාව රත්මලාන යන ප්‍රදේශවල මත්ද්‍රව්‍ය පානය කරන පුද්ගලයින්ට අලෙවි කිරීම සඳහා මෙම මත්ද්‍රව්‍ය සඟවාගෙන සිට ඇති බව කරනු ලැබූ ප්‍රශ්න කිරීම් වලදී අනාවරණය වී ඇත්තේ.

මෙම පුද්ගලයා මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මේ මස 14 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට නියෝග කළා.

වැඩිදුර විමර්ශන මොරටුව පොලිසිය විසින් සිදු කරනු ලබයි.