26 C
Colombo
Monday, October 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමහනුවර ඇසළ පෙරහැර අගෝස්තු 17 වැනිදා සිට

මහනුවර ඇසළ පෙරහැර අගෝස්තු 17 වැනිදා සිට

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය දින නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබේ.

දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ
මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය අගෝස්තු මස 17 වැනිදා සිට අගෝස්තු 31 වැනිදා දක්වා පැවැත්වෙන බවයි.

අගෝස්තු 17 වැනිදා ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම පෙරවරු 6.12 ට සිව් මහා දේවාලවල සිදුකිරීමට නියමිතව ඇති අතර අගෝස්තු මස 21 සිට 25 වැනිදා දක්වා කුඹල් පෙරහර, 26 සිට 30 වැනිදා දක්වා රන්දෝලි පෙරහැර පවත්වා අගෝස්තු 31 වැනිදා දියකැපීමේ මංගල්‍යය සිදුකර එදිනම දහවල් පෙරහර සිදුකර එදින පස්වරුවේ ජනාධිපතිවරයාට පෙරහැර සංදේශය භාර දීම සිදුකිරීමට නියමිතව ඇත.