පරිවර්තකයින් 96 දෙනෙකු සේවයේ යෙදවීමට පියවර ගෙන ඇති බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් රංජිත් අශෝක පැවසුවේ භාෂා පරිවර්තකයන්ගේ හිඟය හේතුවෙන් රාජ්‍ය ආයතනවල වැඩකටයුතු කරගෙන යාම දුෂ්කර වී ඇති බවයි.
බඳවා ගැනීම්වලට සම්බන්ධ නිලධාරීන් විවිධ රාජ්‍ය ආයතනවලට අනුයුක්ත කෙරේ. බඳවා ගන්නා නිලධාරීන් අවම වශයෙන් භාෂා 02ක් දැන සිටිය යුතු බවත්, තරග විභාගයකින් පසුව ඔවුන් පත් කරන බවත් ඔහු වැඩිදුරටත් දන්වා සිටියේය.