― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsලොව සාමකාමීම රටවල් ලැයිස්තුවේ ශ්‍රී ලංකාවට හිමි වූ තැන

ලොව සාමකාමීම රටවල් ලැයිස්තුවේ ශ්‍රී ලංකාවට හිමි වූ තැන

2023 ගෝලීය සාම දර්ශකයේ ශ්‍රී ලංකාව 107 වැනි ස්ථානයට පත්ව ඇත.

රටවල් 163ක් ඇතුළත් මෙම ලැයිස්තුවේ පසුගිය වසරේ එම ලැයිස්තුවේ 90 වැනි ස්ථානයේ සිටි ශ්‍රී ලංකාව මෙවර ලකුණු 2.136ක් ලබා ගනිමින් 107 වැනි ස්ථානයට පැමිණ තිබේ.

රටවල් 163ක දේශපාලන, සමාජීය සහ ආර්ථික තත්ත්වය පදනම් කරගනිමින් ඔස්ට්‍රේලියානු විශේෂඥයින් පිරිසක් විසින් ගෝලීය සාම දර්ශකය සකස් කර ඇත.

මෙම වසරේ ලැයිස්තුවේ පළමු ස්ථානය අයිස්ලන්තයට හිමිව ඇති අතර ඇෆ්ගනිස්තානය අවසන් ස්ථානයේ පසුවෙයි.

ලෝකයේ හොඳම සාමකාමී රටවල් 10 පහතින්,

අයිස්ලන්තය

ඩෙන්මාර්කය

අයර්ලන්තය

නවසීලන්තය

ඔස්ට්‍රියාව

සිංගප්පූරුව

පෘතුගාලය

ස්ලෝවේනියාව

ජපානය

ස්විට්සර්ලන්තය