25.6 C
Colombo
Sunday, November 23, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසිනොපෙක් සමාගම සිපෙට්කෝ සන්නාමය ඉල්ලයි

සිනොපෙක් සමාගම සිපෙට්කෝ සන්නාමය ඉල්ලයි

ගිවිසුම් ගතවීම්වලට යටත්ව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සන්නාමය යටතේ ඉන්ධන අලෙවි කිරීමට සිනොපෙක් සමාගමෙන් ඉල්ලීමක් කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පැවසීය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ (04) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.

එම සමාගමේ සන්නාම ප්‍රවර්ධනය සඳහා යම්කිසි කාලයක් ගත වන බැවින් ඔවුන් මෙම ඉල්ලීම කර ඇති බවයි අමාත්‍යවරයා පැවසුවේ.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ සිනොපෙක් සමාගමට අයත් ඉන්ධන රැගත් පළමු නෞකාව මේ මස අවසානය වන විට දිවයිනට ළඟා වීමට නියමිත බවයි.