― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsආණ්ඩුව ගැන ජනතා කැමැත්ත වැඩිවෙයි

ආණ්ඩුව ගැන ජනතා කැමැත්ත වැඩිවෙයි

‘වෙරිටේ රිසර්ච්’ ආයතනය විසින් මාසිකව සිදුකරන ‘රට හිතන හැටි’ දීප ව්‍යාප්ත ජනමත විමසුම් සමීක්ෂණයේ 2023 ජූනි මස ප්‍රතිඵලවලට අනුව වත්මන් ආණ්ඩුව වැඩකරන ආකාරය ගැන ජනතා අනුමැතිය 21%ක් (වැරදි ආභිතය ± 2.68%), දක්වා ඉහළ ගොස් තිබේ. එය 2023 පෙබරවාරි සහ 2022 ඔක්තෝබර් මාස දෙකෙහිදීම වාර්තා වූ 10%ක අගයට වඩා දෙගුණයකින් ඉහළ යෑමකි.

රටේ වැඩකයුතු සිදුවෙමින් පවතින ආකාරය ගැනද, ජනතාව වඩාත් තෘප්තිමත් බව මෙවර සමීක්ෂණයේ ප්‍රතිඵලවලින් පෙනී යයි. 2023 ජූනි මාසයේ මෙම අගය 12%ක් වන අතර (වැරදි ආභිතය ± 2.21%), 2023 පෙබරවාරි සහ 2022 ඔක්තෝබර් මාසවල මෙම අගය පැවතියේ පිළිවෙලින් 4%ක සහ 7%ක මට්ටම්වලය.<බ්‍ර>මෙම ජනමත විමසුමෙන් ජනතාවට රටේ ආර්ථිකය ගැන පවතින විශ්වාසයද, ඇගයුමට ලක්කර තිබෙණ අතර ජූනි මාසය සඳහා එම අගය ලැබී තිබෙන්නේ සෘණ 43.8ක් (-43.8) ලෙසය. එනම් ගෙවුණු පෙබරවාරි සහ පසුගිය ඔක්තෝබර් මාස දෙකටම වඩා දියුණුවකි. නමුත් තවමත් එය පවතින්නේ සෘණ අගයකය.

රටේ ආර්ථිකය ගැන ජනතාවට පවතින විශ්වාසය ඇගයීමට බහුවර්ණ ප‍්‍රශ්න භාවිතා කර ඇත. එම ප‍්‍රශ්නවලට ලැබී තිබෙන ප‍්‍රතිචාරයන් සෘණ 100 (-100) සිට ධන 100 (+100) දක්වා පරාසයක තබා ඇගයුමට ලක් කිරීමෙන් මෙම අගය ලබාගෙන ඇත. 0ට වඩා වැඩි අගයක් මෙම ඇගයුමට ලැබීම යනු, ජනතාව වැඩි වැඩියෙන් ආර්ථිකය ගැන සෘණාත්මක ලෙස නොව ධනාත්මක අදහසකින් සිටින බව වේ. ආර්ථිකය යහපත් හෝ විශිෂ්ට මට්ටමක නොව දුර්වල මට්ටමක පවතින බව සහ ආර්ථිකය යහපත් අතට නොව තව තවත් අයහපත් අතට හැරෙන බව සියලුමදෙනා සිතන්නේ නම්, ලැබෙන අගය සෘණ 100ක් (-100) වේ.

රට හිතන හැටි දීපව්‍යාප්ත ජනමත විමසුමට 2023 ජූනි මාසයට ලැබී තිබෙණ ප්‍රතිචාර අනුව රටේ ජනතාවගෙන් 0.8% ක් ආර්ථිකය විශිෂ්ට මට්ටමක පවතින්නේය යන අදහසින් සිටින අතර 26.6%ක ප්‍රතිශතයක් සිටින්නේ ආර්ථිකය යහපත් මට්ටමක පවතින්නේය යන අදහසින්ය. ඒ අතරවාරයේම 28.8%ක ප්‍රතිශතයක ජනතාව සිටින්නේ ආර්ථිකය යහපත් අතට හැරීමෙන් පවතින්නේය යන අදහසින්ය. මෙම සියළු අගයන් එක්ව ගත්විට ආර්ථිකය ගැන තිබෙණ විශ්වාසයට ලැබෙන්නේ සෘණ 43.8ක (-43.8) අගයකි (-44ක් ලෙස ආසන්න අගයට වටහා දක්වා තිබේ). මෙම අගය 2022 ඔක්තෝබර් මාසයේදී මෙන්ම 2023 පෙබරවාරි මාසයේදී ද, පැවතුණේ සෘණ 78ක (-78) මට්ටමකය.

‘රට හිතන හැටි’ ජනමත විමසුම Mood of the Nation මැයෙන් ඇමරිකාවේ ගැලප් (Gallup) ආයතනය, එරට ජනමතය විමසුමට ලක් කිරීම සඳහා භාවිතයට ගන්නා ප‍්‍රශ්න සහ ගණනය කිරීම් ශ්‍රී ලංකාවට ගැලපෙන අයුරින් සකසා මෙම සමීක්ෂණය සිදුකර ඇත. රට පුරා වාසය කරන ජනතාව නියෝජනය කෙරෙන නියැදියක් හරහා, රටක සමස්ත ජනමතය විමසුමට ලක්කිරීමට හැකිවීම මෙම ක‍්‍රමයේ විශේෂත්වයයි. වෙරිටේ රිසර්ච් මේ සඳහා භාවිතා කර තිබෙන්නේ මෙම කරුණ තෘප්ත කරන පුද්ගලයින් 1,008ක නියැදියකි. දත්ත එකතු කිරීමට සහාය ලබා දී තිබෙන්නේ වෑන්ගාර්ඞ් සර්වේ (පෞද්ගලික) ආයතනයයි.