26.7 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඇසළ පෙරහැරේ ආරක්ෂාවට පොලිසියෙන් 5000ක්

ඇසළ පෙරහැරේ ආරක්ෂාවට පොලිසියෙන් 5000ක්

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 5000ක් පමණ යෙදවීමට පියවර ගෙන ඇති බව පොලීසිය පවසයි.

ඒ අනුව පෙරහැර මංගල්‍යයේ ප්‍රථම කුඹල් පෙරහැර ලබන අගෝස්තු මස 21 වැනිදා වීදි සංචාරය කිරීමට නියමිත බවයි දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල කියා සිටියේ.

කප් සිටුවීම සුභ මොහොතින් අගෝස්තු 17 වැනිදා සිදු කරන අතර පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැර අගෝස්තු මස 30 වැනිදා පවත්වා ඊට පසුදින දිය කැපීමේ මංගල්‍යයෙන් පසු දහවල් පෙරහර පවත්වා ජනාධිපතිවරයා වෙත පෙරහර මංල්‍යය සාර්ථකව නිමාකළ බවට සංදේශය භාරදීම සිදුකරන බවයි ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ.