අධික වර්ෂාව හේතුවෙන් එළවළු තොග සහ සිල්ලර මිල සියයට 70 කින් ඉහළ ගොස් ඇති බව ආර්ථික මධ්‍යස්ථාන පවසයි.
බොහෝ එළවලුවල මිල කිලෝව රුපියල් 300 ඉක්මවයි.
කැකිරි, පිපිඤ්ඤා, අලුකෙසෙල්, නෝකෝල් හා රාබු පමණක් රුපියල් 100ට අඩුවෙන් අලෙවි වෙයි. ඒ වගේම කඳුකරයෙන් ගෙන එන එළවළු මිලත් දිගින් දිගටම වැඩි මිලකට ගනියි.
කඳුකරයේ පවතින අයහපත් කාලගුණය හේතුවෙන් වෙළෙඳපොළට ගෙන එන එළවළු ප්‍රමාණය ද විශාල ලෙස අඩු වී ඇති බව වාර්තා වේ.