27 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsPoliticalකංසා ව්‍යාපෘතිය නැති කරන්න ඉඩ දෙන්නේ නැහැ - ඩයනා

කංසා ව්‍යාපෘතිය නැති කරන්න ඉඩ දෙන්නේ නැහැ – ඩයනා

කටුනායක ආයෝජන වෙළෙඳ කලාපයේ (BOI) කංසා වගා කිරීමේ නියමු ව්‍යාපෘතිය ලබන මාසයේ ආරම්භ කරන බවත් ඒ සඳහා ආයෝජනය කිරීමට විදෙස් ආයෝජකයන් 11 දෙනෙකු මේ වන විට කැමැත්ත පළ කර ඇති බවත් සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පැවසීය.

පසුගිය සමයේ මෙම ව්‍යාපෘතිය නිලධාරීන් අතර පැවැති ගැටුම්වලින් විනාශ වූ නමුත් මෙවර එය අසාර්ථක වීමට කිසිදු අවස්ථාවක ඉඩ නොදෙන බවද ඇය තරයේ කියා සිටියාය.

අමාත්‍යවරිය මේ බව සඳහන් කළේ පසුගියදා (04) අමාත්‍යාංශයේදී පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමිනි.

එහිදී ඇය කියා සිටියේ කංසා වගා කිරීමේ නියමු ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීමට පත් කරන ලද විද්වත් කමිටුව නිකුත් කළ වාර්තාව ඔස්සේ මේ සඳහා යහපත් ප්‍රතිචාරයක් ලබාදී ඇති බවයි.

මෙම නව ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමෙන් පසුව ඉදිරි වසර දෙක තුන පමණක් රුපියල් බිලියන 5කට අධික ආදායමක් උපයා ගැනීමට හැකි බවත් සමස්ත ව්‍යාපෘතිය සඳහා අනුමැතිය ලැබී ඇති බවත් ඇය සඳහන් කළාය.

නව ආයෝජන ව්‍යාපෘතියක් ලෙස මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බවත් දෙස් විදෙස් ආයෝජකයන් විශාල සංඛ්‍යාවක් මේ සඳහා කැමැත්ත පළ කර ඇති බවත් ඇය වැඩිදුරටත් අවධාරණය කළාය.