― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsනයිජීරියානු ජාතිකයෙකුට මෙරටදී මරණ දණ්ඩනය

නයිජීරියානු ජාතිකයෙකුට මෙරටදී මරණ දණ්ඩනය

කොකේන් ග්‍රෑම් 245කට අධික ප්‍රමාණයක් සන්තකයේ තබා ගැනීම හා ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු නයිජීරියානු ජාතිකයෙකුට කොළඹ මහාධිකරණය මරණ දඬුවම නියම කර තිබෙනවා.

කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බළල්ලේ මහතා විසිනුයි අද මෙම තීන්දුව ලබා දුන්නේ. 2016 වසරේ මැයි මස 27 වැනිදා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් මෙම විත්තිකාර නයිජීරියා ජාතිකයා කොකේන් කිලෝ එකයි ග්‍රෑම් 744ක් සමග රාජගිරිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබුණා.

පසුව රජයේ රස පරීක්ෂකවරයා විසින් අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරමින් දැනුම්දී තිබුණේ එහි අන්තර්ගත ශුද්ධ කොකේන් ප්‍රමාණය ග්‍රෑම් 245.19ක් පමණක් බවයි. දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කළ මහාධිකරණ විනිසුරුවරයා විත්තිකරුට එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කර තිබූ චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී ඇතැයි සඳහන් කළා.

විත්තිකරු අධිකරණය හමුවේ ප්‍රකාශයක් සිදු කරමින් සඳහන් කළේ තමන් මෙම වරද සිදු නොකළ බවයි.

එම කරුණ ද සටහන් කරගත් මහාධිකරණ විනිසුරුවරයා අනතුරුව විත්තිකරුට මරණ දඬුවම නියම කළා.