26.7 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalනීතියෙන් හිර කරන්නේ හාල්මැස්සො විතරයි - අනුර

නීතියෙන් හිර කරන්නේ හාල්මැස්සො විතරයි – අනුර

දැනට රට තුළ පවතින නීතියෙන් හිර කරන්නේ හාල්මැස්සන් පමණක් බවත් තෝරු මෝරු නීතියෙන් ගැලවෙන බවත් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ අද (06) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.

මෙම දූෂිත වළල්ල මැඩ පැවැත්වීමට නම් ශක්තිමත් දේශපාලනයක් අවශ්‍ය බවයි මන්ත්‍රීවරයා එහිදී කියා සිටියේ.

රටේ නීති දුර්වල නම් පොල් ගෙඩි අටක් හොරකම් කළ මිනිහා හිරේ යන්නේ කොහොමදැයි හෙතෙම පාර්ලිමේන්තුවේදී අසා සිටියේය.

අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවට එන්න කියනකොට නයා කනවා නම් ඒක නීතියේ ප්‍රශ්නයක්ද? නයා ගේ ප්‍රශ්නයක්ද? නැහැ දේශපාලනයේ ප්‍රශ්නයක්. දූෂිතයෙක් කවදාවත් දූෂකයෙකුට දඬුවම් දෙන්නේ නෑ. ඒක නිකන් අපේක්ෂිත ඇප වගේ.