― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeSportබංග්ලාදේශ එක්දින නායකයා ජාත්‍යන්තර පිටියට සමුදෙයි

බංග්ලාදේශ එක්දින නායකයා ජාත්‍යන්තර පිටියට සමුදෙයි

බංග්ලාදේශ එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායක තමීම් ඉක්බාල් සිය ජාත්‍යන්තර තරග දිවියෙන් සමු ගැනීමට තීරණය කර තිබෙනවා.

ක්‍රිකට් මාධ්‍ය වාර්තා සඳහන් කළේ වසර 16ක ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට හදිසියේ තිත තබමින් ඉන්දියාවේදී ආරම්භ වීමට ලෝක කුසලානයට මාස තුනකට පෙර බංග්ලාදේශ එක්දින නායක තමීම් ඉක්බාල් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගැනීම ප්‍රකාශයට පත් කර ඇති බවයි.

මාධ්‍ය හමුවකට එක් වූ තමීම් අතිශයින් හැඟීම්බර වූ අතර කඳුළු සලමින් මෙම නිවේදනය ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඇෆ්ගනිස්ථානය සමග පැවති පළමු එක්දින තරඟය පරාජයට පත් වී දිනකට පසුවයි තමීම් ඉක්බාල් මෙම තීරණය ගෙන ඇත්තේ.

බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය කණ්ඩායමට නව නායකයෙකු මෙතෙක් නම් කර නැහැ. ෂකීබ් අල් හසන් ඨ්20 කණ්ඩායම මෙහෙයවන අතර ලිටන් දාස් ටෙස්ට් කණ්ඩායමේ නායකයායි.

34 හැවිරිදි තමීම් පසුගිය වසරේ ඨ්20 තරගවලින් සමු ගත් අතර ඔහුගේ අවසන් ටෙස්ට් තරගය අප්‍රේල් මාසයේදී අයර්ලන්තයට එරෙහිව පැවැති තරගයයි. 2007 වසරේ පෙබරවාරි මාසයේදී තමීම් ඔහුගේ මංගල ODI තරගයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් දිවිය ආරම්භ කළ අතර බටහිර ඉන්දීය කොදෙව් හි පැවති ලෝක කුසලාන තරඟාවලියේදී ඉන්දියාවට එරෙහිව බංග්ලාදේශ විශිෂ්ට ජයග්‍රහණයේදී අර්ධ ශතකයක් ද රැස් කළා.

ඔහු බංග්ලාදේශය වෙනුවෙන් වැඩිම එක්දින ලකුණු ලාභියා වන අතර (8313) ශතක 14ක් ද තමීම් ගේ වාර්තා අතරට අයත්. වත්මන් ක්‍රිකට් ක්‍රීඩකයින් අතර විරාත් කෝලි සහ රෝහිත් ෂර්මාට පසුව තුන්වන වැඩිම ලකුණු ලාභියා වන්නේ ද තමීම් ඉක්බාල්.

ටෙස්ට් පිතිකරුවෙකු ලෙස තමීම් ලකුණු 5134ක් රැස් කර ඇති අතර ඒ තරඟ 70කදී ශතක දහයක් ද සමගින්. බංග්ලාදේශයේ විශිෂ්ටතම එක්දින නායකයා ලෙස නායකයා ලෙස සැලකෙන මෂ්රෆී මොර්ටාසාට වඩා තමීම්ගේ නායකත්වයෙන් ලැබූ ජයග්‍රහණ ප්‍රතිශතය සුළු වශයෙන් ඉහළ මට්ටමක පවතිනවා.

තමීම් කණ්ඩායමේ නායකත්වයේ සිටිමින් මුහුණ දුන් එක්දින තරඟ 37 න් 21 ක් ජයග්‍රහණය කර ඇති අතර ඔහු බංග්ලාදේශය ODI Super League හි තුන්වන ස්ථානය දක්වා ද රැගෙන යාමට සමත් වුණා.

එමෙන්ම බංග්ලාදේශ කණ්ඩායම ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවලදී ඉන්දියාවේ පැවැත්වෙන ලෝක කුසලානය සඳහා ද සෘජු සුදුසුකම් ලබා ගත්තා. තමීම් ඉක්බාල් 2017 වසරේ දී නවසීලන්තයට එරෙහිව එක් ටෙස්ට් තරගයකදී බංග්ලාදේශයට නායකත්වය ලබාදී තිබෙනවා.