31 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsයුවළකට දිවි අහිමි කළ බඩගමුවේ රිය අනතුර

යුවළකට දිවි අහිමි කළ බඩගමුවේ රිය අනතුර

කුරුණෑගල දඹුල්ල ප්‍රධාන මාර්ගයේ බඩගමුව රක්ෂිතය ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් අඹුසැමි යුවළක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

පොලීසිය සඳහන් කළේ අධික වේගයෙන් ධාවනය කළ ලොරියක යතුරු පැදියක් ගැටීමෙන මෙම අනතුර සිදුව ඇති බවයි.

මෙලෙස මියගොස් අත්තේ දොරටියාව, තෝරයාය ලෙච්චමීවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි සී.පී.අමිල පුෂ්පසිරිගේ (34) සහ ඔහුගේ බිරිඳ වන ඩබ්ලිව්. චතුරානී නිසංසලා කුමාරි (33) යන අඹුසැමි යුවළයි.

මොවුන් දෙදෙනා කුරුණෑගල ගැට්ටුවාන මහින්ද විදුහලේ හයවන වසරේ අධ්‍යාපනය ලබන තම එකම දියණිය රැගෙන ඒම සඳහා යමින් සිටියදීයි මෙම අනතුරට මුහුණපා ඇත්තේ.

අධික වේගයෙන් පැමිණ ඇති ලොරිය වැස්ස පවතින අවස්ථාවේදී වේගය පාලනය කරගත නොහැකිව එක් වරම මාර්ගයේ පැමිණි දෙසටම ආපසු හැරී ඇති බවත් එම අවස්ථාවේදී ලොරිය පැමිණෙන අනතුරුදායක තත්ත්වය වටහාගන ආරක්ෂාව සඳහා මාර්ගයේ අයිනටම වී සිටි යුවළ ගමන්ගත් යතුරු පැදියේ ලොරියේ පිටුපස කොටස ගැටීමෙන් ඔවුන් දෙදෙනා ජීවිතක්ෂයට පත්ව ඇතු බවත් පොලිස් විමර්ශනවලින් අනාවරණය වී තිබේ.