31.7 C
Colombo
Saturday, April 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරිය අනතුරකින් පාසල් දරුවෙක් ජීවිතක්ෂයට

රිය අනතුරකින් පාසල් දරුවෙක් ජීවිතක්ෂයට

යාපනය, පලෙයි ප්‍රදේශයේදී ඊයේ (05) සවස සිදුවු රිය අනතුරකින් පාසල් දරුවෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පලෙයි පොලිසිය පවසයි.

පොලිසිය පැවසුවේ කැබ් රථයක් පාපැදියක ගැටීමෙන් අනතුර සිදුව ඇති අතර අනතුරින් පාපැදියේ ගමන්ගත් 13 හැවිරිදි පාසල් දරුවෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

යාපනය, මුල්ලෙඅඩි ප්‍රදේශයේ පදිංචි රාජපාස්කරන් යකුසිකන් නමැති දරුවෙකු එලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවද පොලිසිය සඳහන් කළේය.

මියගිය දරුවාගේ මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ වෙනුවෙන් කිලිනොච්චිය රෝහල් මෘත ශරීරාගාරයට යොමුකොට ඇති අතර කැබ් රථ රියදුරු අත්අඩංගුවට ගෙන තිබිණ. සිද්ධිය සම්බන්ධයෙන් පලෙයි පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබයි.